දරුවා රෝහලේ හදිසි සැත්කමක් කළ යුතුයි – වහාම බැංකුවට සල්ලි දාන්න

969

දොස්තරලා වෙසින් දෙමව්පියන් රවටන සංවිධානාත්මක කල්ලියක් රට වටේ
මේ කල්ලියෙන් කෝල් එකක් ආවොත් වහාම පොලිසියට දැනුම් දෙන්න

පාසල් ගොස් සිටින දරුවා හදිසි අනතුරකට ලක්ව රෝහල්ගත කළ බව කියමින් වෛiවරු ලෙස රංගනයේ යෙදෙමින් දෙමාපියන්ට දුරකථන ඇමතුම් ලබාදී දරුවාට හදිසි ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය බව පවසා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වංචනික ලෙස ලබා ගන්නා සංවිධානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වී සිටින බවට පොලිසිය අනතුරු අඟවයි.

දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය මුදල් වහාම මෙම බැංකු ගිණුමට බැර කරන ලෙස පවසා බැංකු ගිණුම් අංකයක් ද මෙම සංවිධානාත්මක පිරිස් ලබාදෙන බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් මේ වන විට සීදුව ඇතුළු පොලිස් ස්ථාන ගණනාවකට පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

මෙම වංචනිකයන්ගේ වංචාවට හසු වූ පුද්ගලයන් රැසක් සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

මෙම සංවිධානාත්මක කණ්ඩායම මෙලෙස සිය ග්‍රහණයට හසුකර ගන්නේ මව සහ පියා යන දෙදෙනාම රැකියාව කරන අයගේ දරුවන්ය.

මේ ආකාරයට වංචනික ලෙස ඇමතුම් ලබාදෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වෙතොත් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස තල්දුව මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර මෙම සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශයක් ද ආරම්භ කර තිබේ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment