බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් පීඩාවිඳින දෙහිඅත්තකණ්ඩිය ඉඩම්ලාභීන්….. ‘පෙරඹර අඬහැරය’

317

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් පීඩාවිඳින දෙහිඅත්තකණ්ඩිය ඉඩම්ලාභීන්..... 'පෙරඹර අඬහැරය'

දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශය ජනාවාස වෙන්නට පටන් ගත්තේ 1983 න් පස්සේ. එම අයගෙන් පැවැත එන දෙවන සහ තුන්වන පරම්පරාවේ ජනතාව ඉඩම් අහිමිවීම නිසා දැඩි සේ අසරණ වී සිටිනවා. එකම නිවසේ පවුල් හතර, පහ බැගින් වාසය කිරීම දැඩි සමාජ ගැටලූවක් බවට පත්ව තිබෙනවා. එම නිසා මහවැලි අධිකාරියේ සී කලාපය භාර නේවාසික කාර්යාලයේ නිලධාරීන්ගෙන් මෙම ජනතාව දිගින් දිගටම ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

 2009, 2014, 2017, සහ 2019 ඉඩම් කච්චේරි මගින් ඉඩම් ලාභීන් 7500 ක් පමණ තෝරාගෙන ලැබුවා. ඉන් 3500 ට පමණ මේ වන විටත් ඉඩම් ලැබී නැහැ.

 ඒ පිළිබඳ දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේශීය සභා සභාපති සුදත් දේශප‍්‍රිය ජාතුන්ආරච්චි මහතා මෙලෙස පැවසුවා.

 මෙම ගැටලූව විසඳගන්න ජනතාව දිගින් දිගටම ඉල්ලීම් කරා. වනජීවී සහ වන සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් ඉඩම් ලාභීන්

 ගැටලූ නිරාකරණය කරන්නට කියා දිගින් දිගටම ඉල්ලා සිටියා.

නමුත් නිලධාරීන් මිනින්දෝරු නෑ, ඉඩම් කට්ටිකර නෑ කියමින් කරුණු දක්වමින් මේක මගහැරියා. ඇතැම් අවස්ථාවලදී තමන්ගේ හිතවතුන්ට ඉඩම් ලබා දුන්නා. මේ පීඩනය දරාගන්න බැරි වුණු ඉඩම් ලාභීන් සමහර වෙලාවට බලෙන් පදිංචි වුණා. අන්තිමේදී හදපු ගෙවල් කඩලා මිනිස්සු පන්නා දැම්මා. මිනිස්සුන්ට උසාවි යන්න වුණා. මෙලෙස දැඩි අසාධාරණයක් සිදු වුණා. කෙසේ නමුත් දිසානායක අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මේ වන විට අදාල නිලධාරීන් මෙම ගැටලූ විසඳන ආකාරයක් තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ මේ ගැටලූව ඉතා ඉක්මනින් විසඳා දී අසරණ සමාජ  ගැටලූවෙන් පීඩා විඳින මේ අසරණ ඉඩම් ලාභීන්ට හැකි ඉක්මනින් ඉඩම් ලබා දෙන ලෙසයි.

 වනජීවී හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා,

 මෙය බරපතළ ගැටලූවක් බවට පත් වෙලා තිබ්බා. පරම්පරා දෙක තුනක අයට ඉඩම් නැතිව හිටියා. හිතුවත් අයට ඉඩම් දීලත් තිබ්බා. ඇතැම් අවස්ථාවල උගන්ඩාව, නයිජීරියාව වගේ වෙලා තිබ්බේ. හැම තැනම කඳුළ දුක තිබ්බේ. දෙහිඅත්තකණ්ඩියේ ඉඩම් ලාභී අයට ඉඩම් මිලදී ගන්න වෙලා තිබ්බේ පිටස්තර අයගෙන් මුදල්වලට. මෙය විසඳීමට මම දැඩි උත්සාහයක් ගත්තා. ඒත් වසර එකහමාරක් යනකම් මට මේක විසඳන්න බැරි වුණා. මම මේ පිළිබඳ දැඩි සේ අවධානය යොමු කරමින් අදාළ බලධාරීන්ට අදාළ උපදෙස් දුන්නා ඉතා ඉක්මනින් මෙය කරන ලෙසට. ඒ අනුව ඉදිරි කෙටි කාලයක් තුළදී මෙය විසඳා ගන්නට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

 සෝමරතන නාහිමිට හමුදාපතිගෙන්  දුරකථන ඇමතුමක්

 පසුගියදා නැගෙනහිර පළාතේ ප‍්‍රථම පිරිවෙන වූ අම්පාර ශ‍්‍රී විද්‍යානන්ද පිරිවෙනේ හිමිවරුන් කිහිප දෙනෙකුට කොවිඞ් රෝගය වැලඳුනා. එමනිසා එම පිරිවෙන නිරෝධනයට ලක් කරා. උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවල සෝමරතන නාහිමියන්ට පසුගියදා උදෑසන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දුරකථන ඇමතුමක් ලබාදී සුවදුක් විමසුවා. කොවිඞ් තත්ත්වය නිසා පිරිවෙන් කටයුතු සිදුවන ආකාරයත්, පිරිවෙනේ තිබෙන මූලික අඩුපාඩු කෙරෙහිද සිය අවධානය යොමු කරමින් මූලික අවශ්‍යතාවයන් සපුරා දීමට දිය හැකි සහාය ලබා දෙන බවත් පවසා සිටියා. ඉදිරි සති දෙක තුළදී යුද හමුදාපතිවරයා අම්පාර පිරිවෙන් භූමියට පැමිණ සෝමරත්න නා හිමියන් මුණ ගැසෙන බවත් එහිදී දන්වා සිටියා.

 ග‍්‍රාමසේවා වසම් 46 ක් තියෙන්න ඕනෑ දෙහිඅත්තකණ්ඩියේ තිබෙන්නේ වසම් 13 යි

 දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප‍්‍රදේශයේ ජනගහනය 69687 සිටිනවා. නමුත් මේ වන විට එහි තිබෙන්නේ ග‍්‍රාමසේවා වසම් දහතුනක් පමණයි. මේනිසා ප‍්‍රදේශවාසීන් මෙන්ම ග‍්‍රාම නිලධාරීවරුන් ද දැඩිසේ අපහසුවට පත් වෙලයි සිටින්නේ. දොළොස් දහසක් ජීවත්වෙන ගම්මාන නමයක් තිබෙන කදිරපුර ග‍්‍රාමසේවා වසමේ සේවය කරන්නේ එක් ග‍්‍රාමසේවා නිලධාරීවරයෙක් පමණයි. මෙලෙස දොළොස් දහසක් පමණ ජනතාවක් එක් ග‍්‍රාමසේවාවක සිටීම තුළ දැඩිසේ ජනතාව මෙන්ම ග‍්‍රාම නිලධාරීවරයාත් අපහසුතාවට පත්වෙලා.

 මේ තත්ත්වය මත අදාළ බලධාරීන්ගේ නිසි අවධානය සහ නොසැලකිල්ල නිසා දිගින් දිගටම ජනතාව දැඩි සේ පීඩා විදිමින් සිටිනවා.

 දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේශීය සභා සභාපති සුදත් දේශප‍්‍රිය ජාතූන්ආරච්චි මහතා,

 ග‍්‍රාමසේවා වසම් හතළිස් හයක් පිහිටු විය යුතු අප ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තාමත් තියෙන්නේ වසම් දහතුනයි. ඒ නිසා ග‍්‍රාම සේවා වසම් මට්ටමින් ලැබෙන සංවර්ධන යෝජනා ක‍්‍රම අඩුවෙන් ලැබෙන නිසා මෙම ප‍්‍රදේශයේ සංවර්ධනය ලැබෙන දායකත්වය අඩු වෙලා තිබෙනවා. මේ තත්ත්වය විසඳා ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය වීමලවීර දිසානායක මහතාගේ අවධානය දැඩිසේ යොමු කරමින් කටයුතු කරමින් සිටිනවා. රාජකාරි කටයුතු කර ගැනීමේදී මේ තත්ත්වය බරපතළ ගැටලූවක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා අවධානය යොමුකර ඉතා ඉක්මණින් ග‍්‍රාමසේවා වසම් 13, 46 ලෙස ස්ථාපිත කර මේ ජනතාවට අවශ්‍ය කටයුතු පහසු කරගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාවලිය කඩිනමින් ඉටු කර දෙන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 අක්කරපත්තුවේ අනවසරයෙන් ගොඩ කළ කලපු ඉඩම්  රාජසන්තක කරන්න… සක්නද සංවිධානයේ සභාපති ගම්පහ නාරද හිමි

 අපි ‘දිවයින’ පෙරඹර අඬහැරය තීරු ලිපිය මගින් අක්කරපත්තුවේ සම්බු, උප්පලම්, පිල්ලෙයාර් කලපු සහ කුඹුරු මහා පරිමාණයෙන් ගොඩකර ගොඩනැගිලි සෑදීම පිළිබඳ අනාවරණය කරා. වසර පහක් තිස්සේ පැවැති මේ ජාවාරම මේ වෙන විට තරමක් දුරට නැවතීමට බලධාරීන් කටයුතු කිරීම සතුටට කරුණක්. ඒත් දිවයින පුවත්පතේ පළ කර සහය දැක්වීම පිළිබඳ අපගේ ස්තුතිය දිවයින පුවත්පතට පුදකර සිටිනවා. ඒ සමගම තාවකාලිකව නවතා දැමීම කිසිසේත් ප‍්‍රමාණවත් වෙන්නේ නෑ. නැවත ටික දවසකින් මේ ජාවාරම නැවතත් ආරම්භ වන්නට පුළුවන්. එමනිසා අදාළ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ වසර ගණනාවක් තිස්සේ සිදු වෙච්ච මේ ජාවාරම නවතා දමා අනවසරයෙන් ඉදිකළ සියලූම නිවාස ගොඩනැඟිලි අදාළ කලපු සීමාවන් ලකුණු කර ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි. එසේ නොමැති වුවහොත් අදාළ බලධාරීන්ට එරෙහිව නිසිසේ රාජකාරි නොකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමටත් අධිකරණ ක‍්‍රියාවලියකට වුවද යෑමට තම සංවිධානය සූදානම් බව ගම්පහ නාරද හිමියන් අ`ඩහැරයට අදහස් දක්වමින් පවසා සිටියා.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment