ගුවන් යානා 4ක් බඩගායි

329

අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අමතර කොටස් නොමැති නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා හතරක් පියාසර කරගත නොහැකිව බිම තබා තිබෙන බව එම ආයතනයේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ප්‍රමාණවත් ගුවන් යානා නොමැති නිසා ඉකුත් වසරේදී පමණක් ගුවන් ගමන් වාර සිය ගණනක් අවලංගු කිරීමට සිදුව ඇත. මීට අමතරව ගුවන් ගමන් වාර පමාවීමටද මෙම තත්ත්වය බලපා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව මීට පෙරාතුව ගුවන් යානා විසිහතරක් තිබූ අතර දැනට පියසාර මට්ටමේ තිබෙන්නේ ගුවන් යානා දහඅටක් පමණකි. දැනට භාවිතයෙන් ඉවත් කර තිබෙන ගුවන් යානා දෙකක් ආපසු ලබාදී අලුත් ගුවන් යානා තුනක් මිලදී ගන්නට උත්සාහ කළත් පවතින මූල්‍ය අර්බුද නිසා එම මිලදී ගැනීම්ද සිදුවී නැත.

ඉතා සුළු අලුත්වැඩියා කටයුතු මගින් පියාසර කරවිය හැකි ගුවන් යානා හතර නඩත්තු කරන්නේ නම් ගුවන් යානා ගමන්වාර අවලංගු වීම් සැලකිය යුතු අයුරින් පාලනය කළ හැකි බවද හෙතෙම පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment