පාසල් රග්බි නව නිල මඩුල්ල පත්වෙයි

21

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස මහනුවර ධර්මරාජ විදුහල්පති කමල් ආරියසිංහ මහතා පත් කර ගෙන තිබේ.

මෙවර ලේකම් ධුරය ඩී. ඩබ්ලිව්. එම්. නිම්මාන මහතාට හිමි වන අතර වාරයේදී භාණ්ඩාගාරිකවරයා ලෙස ඩී. ආර්. සී. ධනංජය මහතා පත් කෙරුණි.

වාර්ෂික මහා සභා වාරය සහිත නිලවරණය ඉකුත්දා බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද අතර එහිදී තෝරා පත් කර ගන්නා ලද සම්පූර්ණ නිල මඩුල්ල මෙසේය.

2024 සහ 2025 නව නිල මඩුල්ල

සභාපති: කේ. කේ. පී. ආරියසිංහ මහතා, නියෝජ්‍ය සභාපති: එම්. බී. බී. අත්තනායක මහතා, සම උප සභාපති: ජේ. එම්. සී. ඒ. ජයසුන්දර පියතුමා, ඒ. ආර්. එම්. ටිස්වී මහතා, කේ. එච්. පී. කුමාරසිරි මහතා, ඩී. ඒ. ඩී. වානගුරු මහතා, එම්. වයි. පී. පී. බණ්ඩාර මහතා, ලේකම්: ඩී. ඩබ්ලිව්. එම්. නිම්මාන මහතා, උප ලේකම්: එස්. යූ. ආදිත්‍ය මහතා, භාණ්ඩාගාරික: ඩී. ආර්. සී. ධනංජය මහතා, තරග ලේකම්: එච්. ජේ. කේ. එන්. විජේරාම මහතා

advertistmentadvertistment
advertistmentadvertistment