ඩිල්ශාන්, දුනිත් සහ සහන් සිම්බාබ්වේට

431

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා අතිරේක ක්‍රීඩකයන් ලෙස වේග පන්දු යවන ඩිල්ෂාන් මදුෂංක, දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා පිතිකරු සහන් ආරච්චිගේ සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට නියමිතය.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමේ අරමුණින් ඔවුන්ව එලෙස අතිරේක ක්‍රීඩකයන් ලෙස සිම්බාබ්වේ වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර මේ වනවිටත් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් එරට රැඳී සිටියි.

අදාළ ක්‍රීඩකයන් තිදෙනා ලබන 23 වැනිදා බුලවායෝ හිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවති පළමු තරගය සඳහා ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගිලිහී ගියේය.

මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන 23 වැනිදා ඕමානයට එරෙහිව පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment