කමින්ස් සහ ලයන් පාකිස්තානය අමාරුවේ දමති

303

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (27 දා) නිමා වනවිට තරගයේ පාලනය තමන් වෙත ලබා ගැනීමට ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ සමත්ව සිටියහ.

ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 194 ක් ලබා ඔස්ටේ්‍රලියාවට වඩා ලකුණු 124 ක් පිටුපසින් පසු වේ.

ඔස්ටේ්‍රලියාව පළමු ඉනිම සඳහා ලකුණු 318 ක් ලබා ගත් අතර පාකිස්තාන දෙවැනි කඩුල්ල වෙනුවෙන් අබ්දුල්ලා ශෆික් හා නායක ශාන් මසූඩ් ලකුණු 90 (118) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.

එහෙත් ඔස්ටේ්‍රලියා නායක පැට් කමින්ස් ලකුණු 37 කට කඩුලු 3 ක් සහ නේදන් ලයන් කඩුලු 2 ක් දවා ගනිමින් තරගයේ වැඩි වාසි සත්කාරක කණ්ඩායමට ලබා දීමට සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment