සමස්ත ලංකා පාසල් 18 න් පහළ හොකී තරගාවලිය අද ඇරැඹේ

95

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් මෙහෙයවන අවුරුදු 18 න් පහළ සමස්ත ලංකා බාලක සහ බාලිකා හොකී තරගාවලිය වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණය සහ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පෙරවරු 08.30 ආරම්භ වේ.

මෙම තරගාවලිය දින 04 ක් පුරා ක්‍රියාත්මක කෙරේ. එහි බාලක සහ බාලිකා අවසාන තරග ඉරිදා (31) ප.ව.03.30 ට ආරම්භ කිරීමට නියමිතය.

මෙවර බාලක තරගාවලියේ ප්‍රමුඛ පෙළ ශූරතාව දිනා ගැනීමේ අරමුණ ඇතිව පාසල් 24 ක් තරග වදින අතර පාසල් 11 ක් දෙවන පෙළ ජයග්‍රහණය සොයා තරග වදී. ප්‍රමුඛ පෙළ බාලිකා තරග මාලාවට එක්ව සිටින පාසල් සංඛ්‍යාව 21 කි.

බාලක සහ බාලිකා ප්‍රමුඛ පෙළ තරගාවලියේ මූලික වටය කාණ්ඩ 04 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර දෙවන පෙළ බාලක තරගාවලිය කාණ්ඩ 02 ක් යටතේ පැවැත්වීමට පියවර ගෙන තිබේ.

මෙරට ප්‍රමුඛතම පාසල් 56 ක සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.

මෙම පාසල් කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම, කුරුණෑගල, පොලොන්නරුව, බදුල්ල, කෑගල්ල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට අයත් වෙති.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය සහ වෙන්නප්පුව හොකී සංගමයේ සහයෝගය ඇතිව මෙවර තරග මාලාව ක්‍රියාත්මක කෙරේ. සමස්ත ලංකා පාසල් මට්ටමේ හොකී තරගාවලියක් වසර 06 කට පසුව වෙන්නප්පුව නගරයේ දී මෙවර ක්‍රියාත්මක වන අතර වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල්පති ප්‍රියන්ජීව ගුණරත්න සහෝදර තුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලිය ආරම්භ කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment