එංගලන්තය සහ ජපානය ශ‍්‍රී ලංකාවට නිකුත් කළ රතු නිවේදන ඉවත් කරයි

603

කොවිඞ් 19 වසංගතය හේතුවෙන් එංගලන්තය විසින් ශ‍්‍රී ලංකාවේ සංචාරයට නිකුත් කර තිබූ රතු නිවේදන ඉවත් කර ඇතැයි එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එසේම ජපානය විසින්ද ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 06කට පනවා තිබූ එරටට ඇතුළු වීමේ තහනම අද (20දා) සිට ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව මාලදිවයින, නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල සංචාරකයන්ටද අද සිට ජපානයට යෑමට අවසර හිමි වේ.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment