නොරොච්චෝලේ සිව්වැනි අදියරේ කෝටි 16 වතුරේ

320

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ සිව්වැනි අදියර යටතේ මෙගාවොට් 300 ක බලාගාරයක් ඉදිකිරීම සඳහා පිහිටුවූ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වැයකර තිබෙන රුපියල් කෝටි දාසයක (මිලියන 167) මුදල වතුරේ ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ අදාළ ගල් අඟුරු බලාගාරය ඉදි නොකිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇති නිසාය.

නොරොච්චෝල හතරවැනි බලාගාරය ලෙස මෙගාවොට් 300කින් යුත් මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මගින් ස්ථාපිත කළ ව්‍යාපෘති කළමනාකරණය ඒකකයේ නිලධාරීන් දෙතුන්දෙනා ඉකුත් 2019-2020 කාලයේ දී වැය කළ රුපියල් කෝටි දහසයක මුදල අතරින් රුපියල් එක්කෝටි අසූලක්ෂයක් (මිලියන 18) විශේෂ දීමනා ලෙස ලබා ගෙන තිබීම හා කිසිදු ප්‍රතිඵලයක් නැති ව්‍යාපෘතිය සඳහා ලංවිම මේ සා විශාල මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය විගණනයක් කළ යුතුව ඇතැයි ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා පැවසීය.

මෙම බලාගාරය ඉදිකිරීමට අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය, නීතිඥයින් සඳහා පමණක් රුපියල් කෝටියක් (මිලියන 10) වැය කර ඇතැයි ද නිශාන්ත මහතා කීය. මෙම බලාගාරය ඉදිකිරීමට අදාළ මූලික වියදමට ගිය රුපියල් කෝටි දාසය විදුලි පාරිභෝගිකයන්ගේ මුදල් බවත් ව්‍යාපෘතිය නතර කිරීමත් සමග ඒ වැය වූ මුදල් ගිණුම්වලින් බොල් ප්‍රාග්ධන මුදල් ලෙස කපා හැරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment