අධිබලැති ස්කෑනරයක් අරන් නාගඉලුප්පකුලම් ඉපැරැණි දාගැබේ  නිධන් ගන්න පැමිණි පිරිස  මාට්ටු

438

වවුනියාවේ නාගඉලුප්පකුලම් රක්ෂිත වනය මැද පිහිටි ඉපැරැණි දාගැබක ඇති නිධානයක් හෑරීම සඳහා දකුණේ සිට වවුනියාවට පැමිණි 9 දෙනකු යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් 6දා අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශයට ගමන් කරමින් තිබූ වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් පූජා භාණ්ඩ රැසක් හා නිධානය හෑරීම සඳහා රැගෙන එන ලද තවත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙම සැකකරුවන්ගෙන් 7 දෙනකු කැලණිය, දෙල්ගොඩ, සීදුව, කඩවත වැනි පළාත්වල පදිංචිකරුවන් වන අතර ඉතිරි දෙදෙනා වවුනියාවේ පදිංචිකරුවෝය.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment