කැලණිය උපකුලපති ලෙස මහාචාර්ය නිලන්ති ද සිල්වා යළි වැඩ භාරගනී

104

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය 24 වැනිදා සිට නැවතත් වැඩ භාර ගත්තාය.

මේ ඇයගේ දෙවැනි ධුර කාලය වේ.

2020 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු කාන්තා උපකුලපති වශයෙන් පත්වීම් ලැබූ ඇය කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති වශයෙන් ද කටයුතු කරනු ලැබුවාය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ද, ලන්ඩන් හයිජින් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ද ලබාගෙන ඇති අතර, පරපෝෂිත විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවය කර ඇත.

ඇය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජ්‍ය සභාපතිනි ලෙස ද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තනතුරු රැසක ද කටයුතු කරමින් වෛද්‍ය විද්‍යාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කළ මහාචාර්යවරියක ද වන්නීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment