පාරුව රැකගන්න ගිය දෙදරු පියා මහවැලි ගඟේ සැඩ පහරට දිවි දෙයි

504

අධික වර්ෂාවත් සමග මහවැලි ගෙ`ග් පාරුවක් ගැට ගැසීමට ගිය දෙදරු පියෙකු මහවැලි ගෙ`ග් සැඩ පහරට හසු වී ජීවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

මෙසේ මහවැලි ගෙ`ග් සැඩ පහරට හසු වී ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නාවලපිටිය මැදගහවතුර ප‍්‍රදේශයේ පදිංචි කේ.ජී. තිස්ස නමැති (54) හැවිරිදි දෙදරු පියෙකි.

පාරුව රැකගන්න ගිය දෙදරු පියා මහවැලි ගඟේ සැඩ පහරට දිවි දෙයි

මහවැලි ගෙ`ග් මැදගහවතුර ප‍්‍රදේශයේ හෙල්ලෙන පාලම කඩා වැටී ඇති නිසා එම ගම්මානයේ වැසියන් මහවැලි ග`ග තරණය කරනු ලබන්නේ පාරුවකින් වන අතර 27 දින පස්වරුවේ නාවලපිටිය ප‍්‍රදේශයට ඇද හැලූ‍ණ අධික වර්ෂාවත් සමග ගම්වාසියෙක් වන මරණකරු පාරුව ලණුවකින් ගැට ගැසීමට ගිය අවස්ථාවේ ඔහු මහවැලි ගෙ`ග් සැඩ පහරට හසු වී අතුරුදහන් වී ඇත.

අතුරුදන් වූ කේ.ජී. තිස්සගේ සිරුර 28 දින අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝමීටර් 1 ඃ පමණ දුරින් පිහිටි නාවලපිටිය මල්ලන්ද ප‍්‍රදේශයේ මහවැලි ගෙ`ග් තිබී ප‍්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment