වෛද්‍ය චමල් සංජීවගේ සේවය අත්හිටුවීම ගැන තාමත් විධිමත් පරීක්‍ෂණයක් නෑ – පුරවැසි බලයෙන් ජනපතිට ලිපියක්

160

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැති මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතාගේ සේවය අත්හිටුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමට මේ දක්වා අසමත්ව ඇති බව පවසමින් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ජනාධිපතිවරයා වෙත පෙරේදා (28දා) ලිපියක් භාරදී තිබේ.

ආයතන සංග්‍රහයට අනුව අදාළ වැඩ තහනම් කිරීම නීතිවිරෝධී බවත් වැඩ තහනම් කර මාස හයක් ඇතුළත විධිමත් විනය පරීක්‍ෂණයක් කර අවසන් කිරීමට අසමත් වන්නේ නම් අදාළ රාජ්‍ය නිලධාරියා සේවයේ පිහිටුවීම සිදුකළ යුතු බවත් එම සංගමය කියයි.

වෛද්‍යවරයා නැවත සේවයේ පිහිටුවන ලෙස සිදු කරන ලද අභියාචනය සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබාදී මාස 05කට ආසන්න කාලයක් ගතව ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව හේතුවෙන් අදාළ අභියාචනයට සතුටුදායක පිළිතුරක් මේ දක්වා ලබාදී නැතැයිද එහි සඳහන්ය. පුරවැසි බලය සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇත.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment