ගෝල්ෆේස් ප්‍රහාරය : මහින්ද කහඳගම අත්අඩංගුවට

202

ගාලුමුවදොර සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (02 දා) දහවල් භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරයේ සැකකරුවකු ලෙස කහඳගම මහතා අධිකරණයට නම් කර තිබිණ.

ඒ අනුව කහඳගම මහතා නීතිඥයන් මාර්ගයෙන් ඊයේ දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර විය.

පසුව ඒ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment