මේස පන්දුවේ කිරුළු ‘මාස්’ පළඳී

88

64 වැනි වරට පැවැති වෙළෙඳ සේවා මේස පන්දු තරගාවලියේ ප්‍රධානතම තරගාවලිය ලෙසින් ක්‍රියාත්මක ‘ඒ’ කොටසේ කාන්තා හා පිරිමි ශූරතා දිනා ගැනීමට එම්.ඒ.එස්. (මාස්) ‘ඒ’ කණ්ඩායම් සමත් විය.

එහිදී අදාළ කාන්තා අවසන් තරගය සඳහා එම්.ඒ.එස්. කණ්ඩායම් දෙකක්ම සුදුසුකම් ලබා තිබීම හමුවේ අනුශුරතාවය එම්.ඒ.එස්. ‘බී’ කණ්ඩායමට හිමිවිණි.

‘ඒ’ කොටසේ පිරිමි අවසන් තරගයේදී එම්.ඒ.එස්. හමුවේ සී.ඩී.බී. ෆිනෑන්ස් කණ්ඩායම පරාජයට පත්වීම කැපී පෙණින.

මීට අමතරව ‘බී’ කාණ්ඩයේ පිරිමි ශූරතාවය ඇස්ට්‍රොන් ‘ඒ’ කණ්ඩායමටත්, එම අනුශූරතාවය ඩයලොග් ආසියාටා ‘ඒ’ කණ්ඩායමටත් හිමිවන අතරවාරයේදී ‘බී’ කොටසේ කාන්තා ශූරතාවය එම්.අයි.ටී. කණ්ඩායමටත්, එම අනුශූරතාවය එම්.ඒ.එස්. ‘සී’ කණ්ඩායමටත් වශයෙන් හිමි වූයේය.

ඉකුත් 3 වැනිදා මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් Emjay International PVT LTD හි මෙහෙයුම් කළමනාකරු ආනන්ද කුමාර් සහ MAS matrix හි තත්ත්ව සහතික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජයම්පති රත්නායක, වෙළෙඳ සේවා මේස පන්දු සංගමයේ සභාපති චානක පෙරේරා ඇතුළු පිරිස එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment