තරුණ සේවා – රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල් අවසන් මහා තරග 23 දා

80

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන “35 වැනි තරුණ සේවා – රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල්” අවසන් මහා තරග මෙම 23 දා, දවස පුරා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් 26 බැගින් සහභාගී වන අතර, මෙහි ජාතික මට්ටමේ කාන්තා මූලික තරග මෙම 12 හා 13 යන දිනවලදී ද, ජාතික මට්ටමේ පිරිමි මූලික තරග මෙම 20 හා 21 යන දිනවලදී ද, මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල්/සභාපති පසිඳු ගුණරත්න මහතා පැවසීය.

මෙහි තෙවන ස්ථාන සඳහා වූ තරග ද, 23 දා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

මෙහි මූලික තරග ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල්/සභාපති පසිඳු ගුණරත්න, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම තරගාවලියේ ශූරතාවය සඳහා මුදලින් රු. 150,000 ක් බැගින් ද හා ශූරතා කුසලානය බැගින් ද, අනුශූරතාවය සඳහා රු. 100,000 ක් හා අනුශූරතා කුසලානය බැගින් ද, 3 වන ස්ථානය සඳහා රු. 75,000 බැගින්ද, දිස්ත්‍රික් ශූරතාවයට රු. 25,000 බැගින් ද, අනුශූරතාවයට රු. 15,000 බැගින් ද, දක්ෂතම පන්දු ඔසවන්නා හා ඔසවන්නිය රු. 10,000 බැගින් ද, දක්ෂතම ප්‍රහාරකයා ප්‍රහාරිකාව සඳහා රු. 10,000 බැගින් ද, දක්ෂතම පිටිය ආරක්ෂා කරන්නා හා ආරක්ෂා කරන්නියට 10,000 බැගින් ද, දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව හට රු. 15,000 බැගින් ද, ප්‍රදානය කෙරේ.

ටී.අනිල් සිරිවර්ධන – වස්කඩුව

advertistmentadvertistment
advertistmentadvertistment