සිම්බාබ්වේ සමග තරග 06 වැනිදා ඇරඹේ

164

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන 06 වැනිදා පැවැත්වෙන එක් දින තරගයෙන් ආරම්භවීමට නියමිතය.

තරගාවලියට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත ඊයේ (12දා වැනිදා ) නිකුත් කළ අතර ඒ අනුව තරග සංචාරය ජනවාරි 18 වැනිදා පැවැත්වෙන පන්දු වාර 20 – 20 තරගයෙන් නිමාවේ. විස්සයි 20 තරග 03ක් සහ එක්දින තරග 03ක් තරග සංචාරයට ඇතුළත් වේ.

තරගාවලියේ එක්දින තරග ජනවාරි මස 06, 08 සහ 11 වැනිදා දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර විස්සයි 20 තරග ජනවාරි මස 14, 16 සහ 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලි දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලියට සහභාගිවීම සඳහා ලබන ජනවාරි මස 03දා ශ්‍රී ලංකාවට පැමිණේ.

advertistmentadvertistment
advertistmentadvertistment