අභියාචනා විරෝධතා නැති 15,88,835කට අස්වැසුම කඩිනමින් අයැදුම් කළත් තේරී නොමැති 393,097කට සමෘද්ධිය

133

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ කඩිනමින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මේ අනුව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් තෝරාගෙන ඇති එහෙත් අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත්ව නොමැති ප්‍රතිලාභීන් 1588835 ක් සඳහා ගෙවීම් කිරීමට දැනට ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත්වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84374 දෙනෙකුට ඔවුන්ගේ අභියාචනා සමාලෝචනය කර අවසන් තීරණයක් ලබාදෙන තෙක් ඔවුන් දැනට තේරී ඇති කාණ්ඩය යටතේ හිමි ප්‍රතිලාභ ගෙවීමට දැනට තේරී ඇති සහ විරෝධතා ඉදිරිපත් වී ඇති 119,056 දෙනෙකුට ඔවුන් සම්බන්ධ සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ප්‍රතිලාභ ගෙවීමට සහ අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයැදුම් කර ඇති එහෙත් තේරී නොමැති දැනට සමෘද්ධි ප්‍රතිලාභ ලබන 393,097 දෙනෙකුට අදාළ සමාලෝචන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් ඔවුන්ට හිමි සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

එසේම දැනට වකුගඩු ආධාර සහ ආබාධිත ආධාර ලබන ප්‍රතිලාභීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරියටත් ගෙවීම් කිරීමට හා වැඩිහිටි ආධාර තැපැල් කාර්යාල මගින් තවදුරටත් ලබාදීමට සහ රැකබලා ගන්නා නිවාසවල හෝ ආගමික සිද්ධස්ථානවල සිටින වකුගඩු රෝගයෙන් පෙළෙන ආබාධිත හෝ වයෝවෘද්ධ පුද්ගලයන් 11,660 දෙනකුට අදාළ ප්‍රතිලාභ ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව මේ සඳහා අනුමැතිය ලැබී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment