කුළුඳුල් දරු ප්‍රසූතියට බිරිඳ රෝහලේ නවතා ඇඳුම් ගෙන යන්න නිවෙසට පැමිණි අය කුඩු නිසා කූඩු

1616

මාතර, වැවහමන්දුව, පොකුණහේනේ වයස අවුරුදු විසි අටක් වූ විවාහකයෙක් තම බිරිඳ කුළුඳුල් දරුවා බිහිකිරීමට මාතර මහ රෝහලේ ගැබිනි වාට්ටුවට ඇතුළත් කර අවශ්‍ය ඇඳුම් ගෙන ඒමට යළි නිවසට පැමිණ තිබේ. එම කාරණාව පසෙක තබමින් නිවසට පැමිණි පුද්ගලයා හෙරොයින් පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් විස්සක්ද සොයා ගැනීමට හැකිවී ඇත. මෙම සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මාතර පොලිසිය මගින් සිදු කළ පරීක්ෂණ හතරකදී වරදකරු වී දඬුවම් ලැබූ පුද්ගලයෙකි. සැකකරු කොටවිල අධිකරණයේ මාතර මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ලද තොරතුරක් මත කොටවිල පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති අනුර හේවාපතිරණ මහතා සමග පො. සැ. (33598) එම්. රණසිංහ, පො.සැ. (59356) නීල් බුද්ධික සහ පො.කො. (82428) කේ. සුගීෂ්වර යන නිලධාරීන් පිරිස මෙම වැටලීම සිදුකර ඇත.

වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල

advertistmentadvertistment
advertistmentadvertistment