ඇන්ටිජන් පීසීආර් වැඩ කොට උඩ

115

කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී. සී. ආර්. පරීක්ෂණ නිසියාකාරව සිදු නොවීම හා එම කට්ටල නොමැති වීම හේතුවෙන් සමාජයේ සිටින කොවිඩ් රෝගීන් ගණන හඳුනාගෙන ඇති රෝගීන් ගණනට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගතහැකි බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත රෝගීන් විශාල වශයෙන් වැඩි වෙමින් ඇති බවත්, සමාජය තුළ මේ වනවිටත් කොවිඩ් රෝගීන් දහස් ගණනින් සිටින බව සිතිය හැකි බවත් හෙතෙම කීය.

මේ නිසා කඩිනමින් කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගන්නැයි ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment