යූත් ලීග් ක්‍රිකට් වැස්ස නිසා දවසක් පස්සට

111

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ උතුරු කණ්ඩායම අතර ඊයේ (05 වැනිදා ) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් අද (06 වැනිදා) දින දක්වා කල් දැමිණි.

ඒ අනුව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පෙ.ව. 10.00 ට තරගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඊයේ දවස පුරාම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තණතීරුව ආවරණවලින් වසා තිබූ අතර පස්වරු 1 ට පමණ තණතීරුව පරීක්ෂා කළ තරග තීරක සහ විනිසුරුවරු තරගය අදට කල් දැමීමට තීරණය කළහ.

එළඹෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම නිමිත්තෙන් මෙම තරගාවලිය පැවැත්වෙන බැවින් අවසන් මහා තරගය සඳහා අතිරේක දිනයක් ද ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු කටයුතු යොදා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment