මැයි රැලිවලින් කොළඹ දෙදරයි

299

මෙවර මැයි දින රැලි සඳහා පාක්ෂිකයන් ලක්ෂ ගණනින් කොළඹට කැඳවා ඒ ඒ දේශපාලන පක්‍ෂවල ශක්තිය ප්‍රදර්ශනය කරමින් ඉතා උත්කර්ෂවත් සහ දැවැන්ත ලෙස මැයි රැලි පෙළපාලි පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්‍ෂ රැසක්ම තීරණය කර ඇත.

පාක්‍ෂිකයන්ට විශාල වශයෙන් සහභාගි විය හැකි එළිමහන් ස්ථාන සහ ක්‍රීඩා පිටි සහ මංසන්ධි ආශ්‍රිත ප්‍රදේශ තෝරාගැනීමට එම පක්ෂ මේ වනවිටත් කටයුතු කරමින් එම ස්ථාන වෙන් කරවා ගැනීමට ද කටයුතු කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය මරදාන මංසන්ධියේ ද සමගි ජන බලවේගය කැම්බල් පිටියේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ටවුන් හෝල් ආශ්‍රිත ප්‍රදේශයක් ද මැයි රැලි පැවැත්වීමට අදාළ ස්ථාන වෙන් කර ගැනීම් සිදු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසති.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙමුණ මෙවර මැයි දින රැලිය පවත්වන ස්ථානයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර නොමැති අතර මෙතෙක් කොළඹ ප්‍රදේශයේ ස්ථානයක් ද වෙන් කිරීමට කටයුතු කර නොමැති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.

මෙවර මැයි දින රැලිය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඉදිරි ජාතික මැතිවරණවල ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම කළයුතු බවට එම දේශපාලන පක්‍ෂවල මතය වී ඇත. දේශපාලන පිල් මාරු කිරීමට සිටින දේශපාලකයන් ද මෙවර මැයි දින රැලිවල විශේෂ මාතෘකා වනු ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment