සිරි රණසිංහ ඇගැයුම් උළෙල දෙසැම්බර් 20 වැනිදා

51

ශ්‍රී ලාංකේය පත්‍ර කලා ඉතිහාසයේ පුරා 33 වසරක් අඛණ්ඩව පත්‍ර කර්තෘත්වයක් දැරූ එකම පත්‍ර කලාවේදියා වන සිරි රණසිංහයන් පිළිබඳ ඇගැයුම් උළෙලක් ‘සිරි අසිරි’ නමින් දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේදී අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහ නාහිමි පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නාහිමි, විශ්‍රාමලත් විදුහල්පති දෙයියන්දර අමර ගුණසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, රජරට විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර ආදීන් දෙසුම් පවත්වන අතර උත්සව සභාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසිනි.

රංගලීලා – රංගික ජීවන්ත ප්‍රමුඛ ‘රිවේගා’ රංගායතනයෙනි. සිරි රණසිංහ මිත්‍ර සමාජය සංවිධානය කරන ‘සිරි අසිරි’ පිළිබඳ වැඩි විස්තර ලාලිත්‍ර 0775722490 අංකයෙන් ලබාගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment