විදේශ රැකියාලාභීන් සහ ඔවුන්ගේ පවුල්වලට උපරිමයෙන් සේවයට කැපවෙනවා

128

* විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ

විදේශ රැකියා ලාභීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් උපරිමයෙන් සේවය කරන බවත්, කාර්යාංශයේ නිලධාරින්ගෙන්ද එම සේවය තමන් උපරිමයෙන් බලාපොරොත්තු වන බවත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති ලෙස වැඩ භාර ගත් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

කළමනාකාරිත්වය හා සේවක පිරිස අමතමින් අදහස් දැක්වූ හතුරුසිංහ මහතා,

සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවට, ඔවුන් බලාපොරොත්තු වන සේවයට වඩා වැඩි සේවයක් සිදුකර, ඔවුන්ගේ අවශ්‍යතාව උපරිමයෙන් ඉටුකර දිය යුතුයි. මේ සඳහා සියලූ දෙනාගේ කැපවීම අවශ්‍යයි. විදේශ රැුකියාලාභීන් ඇතුළු ඕනෑම කෙනෙකුට මා හමුවෙන්න පුළුවන්. කොවිඞ් වසංගතය සමඟ සේවාලාභීන් හා ආයතනය අතර දුරස්ථභාවය ඇතිවී තිබුණත්, හැකි සෑම විටම ඔවුන්ගේ ගැටලූ විසඳීමට කටයුතු කිරීම තමයි වැදගත්. ඒ තුළින් තමයි අපි තෘප්තිමත් සේවාවක් සැලසුවා වෙන්නේ. මෙම ආයතනය ඉතා වැදගත් ආයතනයක්. රටට විදේශ විනිමය උපයා දෙන ආයතනයක්. එමනිසා විදේශ රැුකියා ලාභීන් ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි. ”මිනිසා, මිනිසා ලෙස සතුටු කරන්න. එය ඔබේ ප‍්‍රාර්ථනාව කර ගන්න” කියලා මම කියනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, විදේශ රැුකියලාභීන්ගේ හා බලපත‍්‍රලාභී රැුකියා නියෝජිත ආයතනවල ගැටලූ ඉක්මණින් විසඳීම සඳහා කඩිනමින් කටයුතු කරමින් ඒ සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිපාලන අධ්‍යක්ෂ නිමල් තිබ්බටුමුණුව, සාමාන්‍යාධිකාරි ඩබ්.එම්.වී. වන්සේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment