නාගොඩ ඊසීජී නැවතී රෝගීහු අමාරුවේ – කරාපිටිය හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය මාස 6 ක් තිස්සේ කැඩිලා

91

කළුතර නාගොඩ මූලික රෝහලේ ඊසීජී පරීක්ෂණ වාර්තා මුද්‍රණය කිරීමට නොහැකි වීම නිසා කඩිනමින් සැත්කම්වලට භාජනය විය යුතු රෝගීන් ගණනාවකගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

එම පරීක්ෂණ වාර්තා මුද්‍රණය කරනු ලබන මුද්‍රණ යන්ත්‍රය සති ගණනාවක සිට අක්‍රිය වී තිබීම ඊට හේතුවී තිබේ.

මෙම තත්ත්වය මත රෝගීන් විසිදෙනකුගේ පමණ පරීක්ෂණ වාර්තා මුද්‍රණය කර ගත නොහැකිව ඇති අතර ඇතැම් රෝගීන්ට සැත්කම් කරගත නොහැකිව වාර්තා ලැබෙන තෙක් බලා සිටීමට සිදුව තිබේ.

මේ පිළිබඳව කළුතර මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මදුභාෂිනී කරුණාරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ මෙම තත්ත්වය පිළිබඳ තමාට වාර්තා වූයේ අද බවත් ඉදිරි දින කිහිපය තුළ එය නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවත්ය.
සිරිමන්ත රත්නසේකර


කරාපිටිය හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය මාස 6 ක් තිස්සේ කැඩිලා

නාගොඩ ඊසීජී නැවතී රෝගීහු අමාරුවේ - කරාපිටිය හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය මාස 6 ක් තිස්සේ කැඩිලා

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පවතින විකිරණ පරීක්‍ෂණ යන්ත්‍රය බිඳවැටී සය මසක් ගතව ඇතත්, මේ වනතුරු එම යන්ත්‍රය යථාවත් කිරීමට පියවර ගෙන නැතැයි පරිපූරක වෛi වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් හදිසි අනතුරුවලට ලක්ව රෝහල්ගත කරන රෝගීන්ගේ විකිරණ පරීක්‍ෂණ සිදුකිරීම රෝහල තුළ පවතින වෙනත් ඒකකයකට යොමු කිරීමෙන් රෝගීන් මෙන්ම රෝහල් කාර්යමණ්ඩලය ද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම්, චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරයි.

හදිසි අනතුරු ඒකකයට විකිරණ පරීක්‍ෂණ ඒකකයක් අත්‍යවශ්‍යව පවතින බැවින් එම එක්ස්රේ යන්ත්‍රය ඉතා ඉක්මනින් යථාවත් නොකරන්නේ නම් රෝගී ජීවිත අවදානමට ලක්වීම නොවැළැක්විය හැකි වනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment