ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

590

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 47.1 කදී කඩුලු 07ක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූහ.පැතුම් නිස්සංක ලකුණු 114 යි.චරිත් අසලංක ලකුණු 91යි.ඔවුන් දෙදෙනා හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 185ක් එක්කළ අතර එය එම කඩුල්ල සඳහා ශ්‍රී ලංකා වාර්තාවකි.තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දු ඕවර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 286ක් රැස්කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment