පැතුම් සුන්වී තරුණියක් දුම්රියට පැන දිවි නසා ගනී

650


මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියට පැන තරුණියක් අද උදෑසන සියදිවි හානි කරගෙන ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි කනපති අනුෂා දර්ශනි නැමති 28 හැවිරිදි තරුණියකි.

මියගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කළ අයෙකි.

පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ වසර 5ක කාලයක් පුරා හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග මෙම තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවය.

ඒ අනුව අද උදෑසන තමාව හමුවීමට පැමිණෙන ලෙස මියගිය තරුණිය විසින් තරුණයාට දුරකථනයෙන් දැනුම්දී ඇති අතර ඔහු එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වී මෙලෙස දුම්රියට පැන ඇති බව පොලීසියට අනාවරණය වී තිබේ.

තරුණියගේ සිරුර පෙම්වතා විසින් හඳුනාගෙන ඇති අතර සිරුර පශ්චාර මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව හැටන් පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment