පියාගේ යතුරු පැදි අලෙවි සැලේ සිට පුතා මත්පෙති විකුණලා

244


සිය පියාට අයත් යතුරු පැදි අලෙවි සැලේ සේවය කරන අතරතුර ධීවරයන්ට හා තරුණ ළමුන්ට මත් කරල් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුතෙකු තංගල්ල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට නගරයේ ප්‍රධාන පෙළේ යතුරු පැදි අලෙවි සැළක සේවයේ නියතුව සිටි මොහු අම්බලන්තොට වලවෙවත්ත පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකි.
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මෙම වැටලිම සිදුකර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී මත් කරල් 500ක් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment