ජනරාල් දයා රත්නායකත් සජබට යයි

1951

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා අද (29දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.

එහි දී ජනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

වසර 35කට අධික කාලයක් යුද හමුදාවේ පාබල සේනාංකයට නායකත්වය ලබා දෙමින් කටයුතු කළ අතර අවසන් යුද්ධයේදී ද ඔහු සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.

පසුව කාලයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය.

යුද හමුදාවේ සේවයේ නිරතව සිටියදී යුද්ධය වෙනුවෙන් ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය හේතු කර ගෙන වීර වික්‍රම විභූෂණයල රණ වික්‍රම පදක්කමල රණ ශූර පදක්කමල උත්තම සේවා පදක්කමල දේශ පුත්‍ර පදක්කම ආදී සම්මාන රාශියකින් පිදුම් ලැබීමටද සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment