ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයකුට රුපියල් ලක්‍ෂ දහසක් – තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ

244

* කොරෝනා හමුවේ කඩා වැටුණු ග‍්‍රාමීය  සංවර්ධන කටයුතු යළි කි‍්‍රයාත්මක කිරීමට

කොරෝනා වසංගතය හමුවේ කඩා වැටුණු ග‍්‍රාමීය සංවර්ධන කටයුතු යළි කි‍්‍රයාත්මක කිරීම ස`දහා මෙවර අය වැයෙන් ප‍්‍රාදේශීය සම්න්ධීකරණ කමිටු සභාපතිවරයකුට රුපියල් ලක්‍ෂ දහසක මුදලක් වෙන් කර ඇතැයි ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

මෙහිදී ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උපසභාපතිවරයකුට වෙන් කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 200 ක් බවද නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

එළැඹෙන 2022 අයවැය සදහා ග‍්‍රාමීය මට්ටමේ සංවර්ධන යෝජනා ලබා ගැනීම ස`දහා මාතර දිස්ති‍්‍රක්කය තුළ පැවති සාකච්ඡුා මාලාවකදී ඇමැතිවරයා මේ බව පවසා ඇත.

මීට අමතරව පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ට රුපියල් ලක්‍ෂ 40 බැගින් ග‍්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන අතර දිවයින පුරා පිහිටි සෑම ග‍්‍රාම නිලධාරී වසමක් ස`දහා රුපියල් ලක්‍ෂ 30 බැගින් ප‍්‍රතිපාදන වෙන් කෙරෙන බවද නාමල් රාජපක්‍ෂ මහතා එහිදී ප‍්‍රකාශ කර ඇත.

කොරෝනා වසංගතය හමුවේ මතුවී තිබෙන කෙටි කාලීන අභියෝග ස`දහා විස`දුම් ලබා දීම සහ ආර්ථික වර්ධනයට ප‍්‍රදේශීය මට්ටමින් පවතින බාධාවන්ට විස`දුම් ලබා දීම මෙම ප‍්‍රතිපාදන වෙන්කිරීම තුළින් අපේක්‍ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් ස`දහන් කර තිබේ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment