බලවතුන්ට වහල් වී එහෙයියන් වූ යුගය අහෝසි කළ යුතුයි -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාතරදී කියයි

53

දේශපාලනඥයන්ගේ රැවටිලි බස්, සුරංගනා කතා, වහසිබස්වල වහල් වී දේශපාලන බලවතුන්ගේ එහෙයියන් බවට පත් වූ යුගය අහෝසි කළ යුතු බවත් පුරවැසියන්ගේ දක්ෂතාව හැකියාව නිපුණතාව තුළින් ඉහළටම යා හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 128 වැනි අදියර යටතේ ඊයේ මාතර අකුරැස්ස ලේනම කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක්ද ලබාදීම සිදු විය.

මේ මොහොත වන විට අප රටේ 40000කට ආසන්න උපාධිධාරීන් රැකියා නොමැතිව සිටින බවත් නිදහස් අධ්‍යාපනයේ අරුනළු ලබා විශ්වවිද්‍යාවලට ගොස් 40000ක් රැකියා පෝළිමට යොමු කිරීම සාධාරණ නොවන බවත් රැකියා පෝළිමට මේ 40000 යොමු වන්නේ අධ්‍යාපන ක්‍රමයේ ඇති දුබලතා නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු රටක් ගොඩ නැගීමේදී අධ්‍යාපන පවා සුහුරු විය යුතු නිසා සමගි ජන බලවේගය සුහුරු අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන බවත් ඒ තුළින් සුහුරු ගෝලීය පුරවැසියකු බිහි කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ආයෝජකයන් අප රටට එන්නේ සුහුරු නිපුණතා සහිත ශ්‍රම බලකායක් නිර්මාණය වුවහොත් පමණක් නිසා නිපුණතාව කුසලතාව සහිත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම අපගේ වගකීම බවත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment