ශ්‍රීපාදය වඳින්න පැමිණි පුද්ගලයෙක් හදිසියේ මියගිහින්

67

මැල්සිරිපුර සිට ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි පුද්ගලයකු 01 වන දින උදෑසන හදිසියේ ඇතිවු අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිළිබඳව කරන ලද විමසිමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මැල්සිරිපුර ප්‍රදේශයේ සිට ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන් අතර සිටි අවුරුදු 73ක් වයසැති එච්. එම්. ගුණතිලක යන අය ඉඳිකටුපාන ප්‍රදේශයේදී හදිසියේ අසනීප වී ඇති බවය.

එසේ අසනීප තත්වයට පත්වු එම පුද්ගලයා ඉඳිකටුපාන සිට නල්ලතන්නිය දක්වා රැගෙනවිත් නල්ලතන්නියේ සිට මස්කෙළිය රෝහලට රැගෙන ගොස් තිබේ. එහිදී වෛදවරුන් ඔහු මිය ගොස් ඇති බවට දැනුම් දී ඇත. මළ සිරුර මේ වන විට මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇත.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment