“සුජය, BOC‍ රන් කැකුළු, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද කු/ආරක්ෂක සේවා විද්‍යාලයේදී

69

සුජය ශිෂ්‍යත්ව පුවත්පත, ඊධක්‍ රන් කැකුළු සහ කැන්ඩොස් චොක්ලට් එක්ව සංවිධානය කරනු ලබන පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය අද (28 දා) කු/ආරක්ෂක සේවා විද්‍යාලයේදී පැවැත්වේ.

මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා ඊධක්‍ රන් කැකුළු ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර සිලෝන් චොක්ලට් ආයතනය (කැන්ඩොස්) සම අනුග්‍රහය දක්වයි. මීට පෙර සුජය ශිෂ්‍යත්ව පුවත්පත කැන්ඩොස් චොක්ලට් සමග එක්ව සම්මන්ත්‍ර 15ක් පවත්වා තිබේ.

අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ ‘සුජය’ ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් 5ක දරුවන් සහභාගි වේ. ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ඩී. ඒ. රත්නායක මහතාගේ අනුමැතියෙන් එම විද්‍යාලයේ ආචාර්ය අමිල ප්‍රසාද් ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශනය මෙහෙයවීම කු/ආරක්ෂක සේවා විද්‍යාලයේ ආචාර්ය ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක අමිල ප්‍රසාද ජයසේකර මහතා විසින් සිදු කෙරේ. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමාපිය දැනුවත් කිරීමේ දේශනය ප්‍රවීණ නාට්‍යවේදිනී, ගුරු උපදේශිකා ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් පැවැත්වීමට නියමිතය.

මෙදින සම්මන්ත්‍රණයට ලංකා බැංකුවේ සහකාර කළමනාකරු වයඹ පළාත කුෂාන් දෙල්ගොඩ මහතා, ප්‍රධාන කළමනාකරු කුරුණෑගල අධි ශ්‍රේණි ශාඛාව සමන්ප්‍රිය රාජපක්ෂ මහතා, කළමනාකරු අලෙවි ජගත් හිරිපිටියගේ මහතා ඇතුළු ලංකා බැංකු කාර්ය මණ්ඩලයීය සාමාජිකයන්ද සහභාගි වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment