පරුෂ වචන නොකියන්නැයි සිඟිත්තියගේ අත ලයිටරයෙන් පිළිස්සූ බාප්පා අත්අඩංගුවට

364

3 හැවිරිදි දැරියකගේ වැළමිට ලයිටරයකින් පිළිස්සූ බවට එම දැරියගේ මව කළ පැමිණිල්ලක් මත යුද හමුදා සෙබළකු සැකපිට ඉකුත් 12 දා අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු දැරියගේ පියාගේ බාල සොහොයුරා (බාප්පා) බවද පොලිසිය කියයි. දැරිය නිවසේ රැඳී සිටියදී සැකකරු ලයිටරයක් යොදාගෙන දැරියගේ අත පුළුස්සා ඇතැයි එම මව විසින් පැමිණිලි කර තිබේ. දැරිය කුණුහරුප කීම නිසා එවැනි වචන නොකියන ලෙසට තමා පැවසූ බව සැකකරු පොලිසියට පවසා තිබේ. පසුව තමා ලයිටරය දල්වා ගිනිදැල්ල පෙන්වමින් ඇය බිය ගැන්වීමට උත්සාහ කළ අවස්ථාවේ ඇගේ අතක් ගිනිදැල්ල ආසන්නයට ළංකිරීම හේතුවෙන් මෙලෙස පිළිස්සුණු බවද සැකකරු පොලිසියට පවසා ඇත. පවුල් ආරවුලක් මත මෙලෙස පැමිණිලි කළේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි. පසුව දෙපාර්ශ්වය පැමිණිල්ල සමථයකට පත් කිරීමට කැමැත්ත පළකළද එය හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර ඇත. මේ පිළිබඳව දියබෙදුම පොලිස් ස්ථානාධිපති පො.ප. මධුශංඛ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment