බිහිරි පාරෙන් කෝටියක් ගරලා – හොර සංවිධානයේ පැටිකිරියත් එළියට

429

බිහිරි පුද්ගලයන්ගේ අනාගතය සඳහා යැයි පවසමින් සංගමයක් පිහිටුවාගෙන රුපියල් කෝටියකට අධික මුදලක් සිය ගිණුමට වංචනික ලෙස බැරකරගත් බිහිරි පුද්ගලයකු සම්බන්ධව පොලිස් වංචා විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ සඳහා අදාළ පුද්ගලයා ව්‍යාජ සංවිධානයක්ද පිහිටුවාගෙන ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ. තම සංගමයට මුදල් බැර කරන පුද්ගලයන් වෙත වැඩි ප්‍රතිලාභ ලබාදෙන බවද පවසමින් මුදල් ලබාගෙන ඇති බවට ද තොරතුරු ලැබී ඇත.

මේ වනවිට මෙම වංචනික බිහිරි පුද්ගලයා විදේශගතව ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් පවසන පොලිස් වංචා විමර්ශන ඒකකය කෙසේ නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද සඳහන් කරයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment