ගෝලීය ඇඟලු‍ම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ දැවැන්තයා වන MAS Holdings හි අනුබද්ධිත සමාගම් වන MAS Active Trading (Pvt) Ltd සහ MAS Intimates (Pvt) Ltd 2021/22 සහ 2022/23 සඳහා වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි.

ශ්‍රී ලංකාවේ අපනයන අංශය වෙනුවෙන් වන සමාගමේ දායකත්වය අගයමින්, MAS Active (Active සහ KREEDA අංශ) විසින් 2021/22 සහ 2022/23 යන දෙවසර සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය දිනා ගන්නා ලදී. මෙම සම්මාන දෙකට අමතරව, MAS Active සහ MAS Intimates එක්ව මෙම උළෙලේදී සම්මාන 16 ක් දිනා ගත්හ. මෙම ඇගයීම, කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සහ ජාතික ආර්ථිකයට තීරණාත්මක දායකත්වයක් ලබාදෙන්නෙකු ලෙස MAS Holdings හි ස්ථාවරත්වය තහවුරු කරයි.

සුවිශේෂී ද්විත්ව ජයග්‍රහණය – MAS Active Trading (Pvt) Limited, MAS Active (Active සහ KREEDA අංශ), වසර දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයනකරු සම්මාන දෙකට අමතරව, වසරේ සමස්ත වෙළෙඳපොළ විවිධාංගීකරණය වූ අපනයනකරු, නැගී එන වෙළෙඳපොළ තුළ හොඳම ක්‍රියාකාරී අපනයනකරු සහ 2021/22 සඳහා ඇඟලු‍ම් අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ අපනයනකරුවන් සඳහා වූ කුසලතා සම්මානය දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය සහතික කරන ලදි.

MAS Active සිය සුවිශේෂිත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් අපනයන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙන්ම වසරේ නව්‍ය අපනයන නිෂ්පාදකයා, නැගී එන වෙළෙඳපොළ තුළ හොඳම කාර්ය සාධන අපනයනකරු සහ 2022/23 සඳහා ඇඟලු‍ම් අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස ද සම්මාන රැසක් දිනා ගත්තේය.

MAS Holdings 2021/22 සහ 2022/23 වසරවල විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළුව ජනාධිපති සම්මාන 16 කින් පිදුම් ලබයි

විශිෂ්ටත්වය සහතික කිරීම – MAS Intimates (Pvt) Limited, 2021/22 වසර තුළ, MAS Intimates අපනයන ක්ෂේත්‍රය තුළ අසමසම විශිෂ්ටත්වයක් පෙන්නුම් කළේය. සමාගම වසරේ ශුද්ධ විදේශ විනිමය උපයන්නා සඳහා වන සමස්ත සම්මානය හිමිකර ගත්තා පමණක් නොව නිෂ්පාදන විවිධාංගීකරණයේ හොඳම අපනයනකරු ලෙසද සම්මානයට පාත්‍ර විය. එමෙන්ම අපනයන සැපයුම් දාමයට ඒ ඒ කලාපවලින් දායකත්වය දක්වන ප්‍රමුඛයා ලෙස සහ ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ මහා පරිමාණ කාණ්ඩය යටතේ හොඳම අපනයනකරු ලෙසද පිළිගැනීමට ලක්විය.

මෙම සාර්ථකත්වය මත පදනම්ව, MAS Intimates 2022/23 දී ද සිය මෙහෙයුම් අඛණ්ඩවම කරගෙන ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම වසර තුළත් සිය අභිමානය සනිටුහන් කිරීමට සමත් විය. සමාගම එම වසරේ ශුද්ධ විදේශ විනිමය උපයන්නා සඳහා වන සමස්ත සම්මානය ලබා ගත් අතර අපනයන සැපයුම් දාමයට ඒ ඒ කලාපවලින් දායකත්වය දක්වන ප්‍රමුඛයා ලෙස නැවතත් පිළිගැනීමට ලක් විය. ඊට අමතරව, MAS Intimates හට ඇඟලු‍ම් අංශයේ මහා පරිමාණ කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් හිමි වූ අතර, ගෝලීය අපනයන වෙළඳපොළේ ප්‍රබලයෙකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරන ලදි.

මෙම ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස MAS හි සුවිශේෂීත්වය අවධාරණය කරයි. විවිධ වෙළෙඳනාම සහිත ගෝලීය ඇඟලු‍ම් සහ රෙදිපිළි නිෂ්පාදකයෙකු ලෙස, MAS Holdings අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වෙමින් ඇඟලු‍ම් කර්මාන්තය උදෙසා අමිල මෙහෙයක් ඉටු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment