සීනි වංචාවත් කෝපා ඇස් බැන්දුමේ

308

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) වැනි කමිටු සීනි බදු වංචාව පිළිබඳ විමර්ශනය නොකොට ඇස්බැන්දුමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 07 දා පැවසීය.

හෙතෙම මෙසේ ප්‍රකාශ කළේ එම සභාවේ සභාපති රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා විසින් සභාවේ කටයුතු ආරම්භයේදී කෝපා කමිටුවේ වාර්තාවක් එළි දැක්වීමෙන් පසුවය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

මෙතුමා කැපවීමෙන් වැඩ කරනවා. ඒත් එතුමාට කලින් වුණු සීනි බදු වංචාව මිලියන 16000යි. බිලියන 16යි (කෝටි 1600යි) ඒත් ඒක එහෙම්ම යට ගහලා. ඉතින් මේ කමිටුවලින් වැඩක් නෑනේ. මම කියන්නේ කෝපා (රාජ්‍ය ගිණුම් කාරක සභාව) ගැන. ඇත්තටම මේක ඇස්බැන්දුමක් කරන්නේ, වාර්තා ඉදිරිපත් කරනවා, අපිත් ඒවා අනුමත කරනවා, ඒත් පසුවිපරමක් නෑනේ.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා – එතුමා කියන කාරණය ඇත්ත. අපි ඉන්නේත් එතැන. අපි නිර්දේශ නිකුත් කරනවා පමණයි. නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න විදිහක් නෑ. අපි දැන් දෙගොල්ලොම තමයි විසඳුම් හොයන්න ඕනේ. අපි සීනි බදු වංචාව ගැන පරීක්ෂණ නවත්වලා නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment