ඉන්දියානු බිත්තරය 7 දා තෙක් කෙකර ගායි

71

ලබන මස 07 වැනිදා තෙක් ඉන්දියන් බිත්තර ලැබීමේ ප්‍රමාදයක් සිදුවන බව ලක් සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31 දා) පැවසීය. සතොසෙන් දිනකට බිත්තර ලක්‍ෂ 10 ක ඉල්ලුමක් තිබුණත් ලැබෙන්නේ ලක්‍ෂ 05ක් බව ද ඒ මහතා කීය.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ඉන්දියන් බිත්තර ඇණවුම් කිරීමේදී ඇතිවූ ගැටලුවක් නිසා එම බිත්තර නිසි වේලාවට නොලැබුණු බව අබේවර්ධන මහතා පැවසීය.

කෙසේ නමුත් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට පෙබරවාරි 05 වැනිදා වනවිට බිත්තර ලැබීමට නියමිත බවත්, එම බිත්තර තොග ලැබීමෙන් පසු රට පුරා සතොස හල් වලින් බිත්තර අලෙවි කිරීම සිදුකළ හැකි බවත් ඒ මහතා කීය.

මේ වනවිට සතොස සතුව පවතින සීමිත බිත්තර තොග බස්නාහිර පළාත තුළ බෙදාහරින බවත්, එම බිත්තර අලෙවි කිරීමේදී එක් අයකුට, එකක් රුපියල් 43 ක මිලකට බිත්තර 10ක් බැගින් අලෙවි කිරීමට උපදෙස් දී ඇති බවත් ඒ මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment