නිදහස් සැමරුම පෙරහුරුවට හෙට සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

39

76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලට අදාළ පෙරහුරු කටයුතු වෙනුවෙන් හෙට (30 දා) සිට පෙබරවාරි 03 වැනිදා දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ හේතුවෙන් හෙට සිට 03 වැනිදා දක්වා ගාලු පාර – කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලුමුවදොර මාර්ගය දක්වා මාර්ගය පෙරවරු 6.00 සිට 8.30 දක්වා ද, සෙරමික් මංසන්ධියේ සිට ගාලුමුවදොර දක්වා පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා ද වසා තැබෙන බව පොලිස් මූලස්ථානය කියයි.

එමෙන්ම පෙබරවාරි 03 වැනිදා පස්වරු 2.00 සිට පෙබරවාරි 04 වැනිදා නිදහස් සැමරුම් උත්සවය අවසන් වනතුරු එම කොටස වසා තැබෙන බව ද එම මූලස්ථානය වැඩිදුරටත් කියා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment