දිඹුලාගල පන්සලේත් ලයිට් කපලා – සජිත් කියයි

253

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි සැපයුම විසන්ධිර කර ඇති බැවින් එම තත්ත්වය වහාම නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය හා තවත් ආගමික සිද්ධස්ථාන රැසක මේ වනවිට විදුලිය විසන්ධි කර ඇති බවද බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුත බවට ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර අන්‍ය ආගම්වලට ද සමානව සැලකීමට ප්‍රතිඥා දී ඇති මොහොතක මෙවැනි ක්‍රියා සිදු නොවිය යුතු බව ද විපක්ෂනායකවරයා පැවසීය. ආගමික ස්ථානවල විදුලිය විසන්ධි නොකර අඛණ්ඩව පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයක් වහාම සකස් කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment