නොවැම්බර් මුල විදුහල්පති පත්වීම් 4718 ක් දෙනවා – අධ්‍යාපන ඇමැති

93

2030 දී සියලු සිසුන්ට දිවා ආහාර

විදුහල්පති හිඟය මඟහැරවීම සඳහා ලබන නොවැම්බර් මස මුලදී විදුහල්පති පත්වීම් 4718 ක් ලබාදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (10 දා) පැවසීය.

මීට අමතරව ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705 ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405 ක් පුරවමින් ගුරු උපදේශක සේවා විෂමතා ඉවත් කරන බවත් මුලතිව් මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේදී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූලව වැඩිකර, 2030 වනවිට සියලුම පාසල් දරුවන් සඳහා දිවා ආහාරය නොමිලේ ලබාදීමට ක්‍රියාකරන බවත් ඇමැතිවරයා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment