පාස්කු කතාවට දප්පුල කැඳවනු

370

සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාර මාලාව මහා කුමන්ත්‍රණයක් බවට එක්තරා විiුත් මාධ්‍යයක් සමග පැවැති සාකච්ඡාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවීම, ප්‍රශ්න කිරීම, ප්‍රකාශ සටහන් කිරීම හා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (24 දා) අතුරු තහනම් නියෝග හතරක් නිකුත් කළේය.

එම අතුරු තහනම් නියෝග දුරකථන, ෆැක්ස්, විiුත්, තැපැල් හා කුරියර් සේවාව මාර්ගයෙන් පොලිස්පති, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති අතුළු වගඋත්තරකරුවන් වෙත යැවීමට පියවර ගන්නා ලෙසට ද අභියාචනාධිකරණය, අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් කැඳවූ අවස්ථාව්දී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් එම අතුරු තහනම් නියෝග නිකුත් කළ අතර එම පෙත්සම ලබන මැයි 10 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය.

2021 මැයි 25 වැනිදා විශ්‍රාම ගිය සිය සේවාදායකයා, එම වසරේ මැයි 21 වැනිදා එකී ප්‍රකාශය එම මාධ්‍ය ආයතනය වෙත ලබාදී ඇත්තේ නීතිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී බවත් එලෙස නීතිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ නීතිමය බලයක් කිසිදු විමර්ශන ආයතනයකට නොමැති බවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

එමෙන්ම දප්පුල ද ලිවේරා මහතා මේ වනවිට නීතිඥ වෘත්තියේ යෙදෙන්නකු වන බැවින් ඔහුට කුමන මාර්ගයකින් හෝ ලැබුණ තොරතුරක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමෙන් වැළකී සිටීමේ වෘත්තීය අයිතිවාසිකම ඔහුට ඇතැයි ද පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා වසර දෙකකට පෙර කළ ප්‍රකාශයක් ගැන ප්‍රකාශ ලබාගැනීමට විමර්ශන නිලධාරීන් උත්සුක වී ඇත්තේ කුමන කරුණක් නිසාදැයි සොයා බැලිය යුතු බව ද පැවසීය. ඔහු එම ප්‍රකාශය සිදුකර ඇත්තේ නීතිපති තනතුරේ රාජකාරි කරමින් සිටියදී, ඔහුට ලැබී ඇති ලේඛන පදනම්ව වන බවත්, එකී ලේඛන මේ වනවිට භාරව සිටිනුයේ දැනට තනතුරේ සිටින නීතිපතිවරයා බවත් පෙන්වා දුන් රොමේෂ් ද සිල්වා මහතා මෙලෙස එක් එක් විමර්ශන අංශවලට හිතු හිතු විටෙක රටේ ප්‍රධාන නීති උපදේශකවරයා ලෙස කටයුතු කළ නීතිපතිවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට ඉඩදීම වැරදි පුර්වාදර්ශයක් විය හැකි බව ද පැවසීය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස්, ත්‍රස්ත විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. එන්. ඕ. පෙරේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න යන මහත්වරුන් හා නීතිපතිවරයා නම්කර තිබිණි.

එම පෙත්සමට අදාළ නොතිසි හා අදාළ ලේඛන ඊයේ පෙරවරු 9.00 ට නීතිපති දෙපාර්තමේන්තුවට හා සෙසු වගඋත්තරකරුවන් වෙත භාරදීමට පියවර ගත් බව ද ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් තමන්ට නීතිපතිවරයාගෙන් උපදෙස් මෙතෙක් ලැබී නැතැය,ි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ චායා ශ්‍රීහාම් මහත්මිය පැවසුවාය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා, නීතිඥ ටිරාන් ඇන්කටල් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment