පළාත් පාලන ආයතන ප්‍රධානීන් නිල වාහන සහ සම්පත් තාමත් පාවිච්චි කරනවා

79

සජබ මහ ලේකම්ගෙන් මැ. කො. සභාපතිට ලිපියක්

පුංචි ඡන්දය සඳහා නාමයෝජනා භාරදී ඇති පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් නිල වාහන සහ සභාව සතු අනෙකුත් සම්පත් තවදුරටත් පරිහරණය කරන බව නිරීක්‍ෂණය වී ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මෙය මැතිවරණ නීතියට අනුකූල නොවන අතර අනෙකුත් අපේක්‍ෂකයන්ට කරන බලවත් අගතියක් ද වන බැවින් එම කටයුතු නතර කිරීමට නොපමාව පියවර ගන්නා මෙන් ඔහු තවදුරටත් සිය ලිපිය මගින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment