මං පැන්ෂන් යන්න පෙර ඡන්ද එන එකක් නෑ

265

තමා රැකියාවෙන් විශ්‍රාම යන තුරුත් ඡන්දයක් බලාපොරොත්තු නොවන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය ‘දිවයින’ට සඳහන් කළාය.

එළැඹෙන ජුනි 24 වැනිදා තමා සේවයෙන් විශ්‍රාම යන බව කී ලියනගේ මහත්මිය ඉන්පසු පැවැත්වෙන මැතිවරණ වැඩ කටයුතුවලට තමාගේ සහාය ලැබෙන්නේ නැතැයි ද සඳහන් කළාය.

එහෙත් පවතින තත්ත්වය අනුව තමාගේ සේවය දීර්ඝ කරනු ලැබුහොත් පෙර මෙන් මැතිවරණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලයේ සේවය ලබාදිය හැකි යැයි ද ඇය කීවාය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment