සිය ඉගැන්වීම් හා ඉගෙනුම් අත්දැකීම් ඩිජිටල්කරණය කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, Dialog Enterprise සමඟ අත්වැල් බැඳ ගනි

43

මෙරට ප්‍රමුඛතම ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නා වන Dialog Enterprise සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිවර්තනීය ඩිජිටල් ගමනක් ඇරඹීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. මේ තුලින් නවතම ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් වන Dialog Edumix ක්‍රියාත්මක කිරීම හරහා නවීන තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සිය සිසුන් වෙත ලබා දීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අරමුණු කොට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති බි්‍රගේඩියර් උපාලි රාජපක්ෂ මහතා “අපගේ සිසුන්ගේ මෙන්ම ආචාර්ය මණ්ඩලයේ ඉගෙනුම් හා ඉගැන්වීම් අත්දැකීම් ඉහළ නැංවීමට අවශ්‍ය නව්‍ය තාක්ෂණය ඔවුන් වෙත ලබා දීම සඳහා සුප්‍රසිද්ධ ගෝලීය අධ්‍යයන ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට අපි සැදී පැහැදී සිටිනවා. සිසුන් වෙත ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් හිමි කර දීමේ අපගේ අරමුණ වෙනුවෙන් මෙරට තාක්ෂණික දියුණුවේ ප්‍රමුඛයා වන Dialog Enterprise හි සහයෝගය ලැබීම අප ලද භාග්‍යයක් ලෙස සැලකීමට කැමතියි” යනුවෙන් පවසා සිටින ලදී. E-lecturing වැනි විශේෂාංගයන් මෙන්ම ශ්‍රව්‍ය/දෘශ්‍ය ඉගෙනුම් සම්පත් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව සලසාදෙන මිශ්‍ර ඉගෙනුම් ක්‍රමෝපායන්ගෙන් සන්නද්ධ Dialog Edumix ඉගැන්වීම් හා ඉගෙනුම් ශිල්පීය ක්‍රමයන් සඳහාද සහාය දක්වනු ලබයි. එසේම සිසුන් වෙත ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබා දීමට අවශ්‍ය සජීවී වීඩියෝ පාඩම්, පටිගත කළ වීඩියෝ පාඩම් හා ඔන්ලයින් විභාගද මේ යටතේ ක්‍රියාත්මක වේ. ඊට අමතරව “Zero Worries on Data” සේවාව තුළින් සිසුන්ට හා ආචාර්යවරුන්ට කිසිඳු දත්ත ගාස්තුවකින් තොරව අධ්‍යාපන සේවාවන් සලසා ගැනීමේ හැකියාව Dialog Edumix වෙතින් සළසා දී තිබීමද සුවිසල් වාසියක් ලෙස සඳහන් කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment