ආපු ප්‍රශ්නවලට රට දාලා යන්න හිතුණා

158

මේ ගමන එන්න ලොකු කට්ටක් කෑවා

මුතුකුඩ, සඳදිය සිත්තම්” එළියකන්ද” සිහින සිත්තරාවී වැනි ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනාගත් මයුමි ආකර්ෂා රංගනයෙන් දායක වන 1970 ලව් ස්ටෝරි චිත්‍රපටය මේ දිනවල රිදී තිරයේ දිගහැරෙනව. ඒ නිසාම මයුමිගේ අලුත් තොරතුරු ටිකක් ඔබට කියන්නට මේ ඉඩකඩ වෙන් කළා.

මයුමි ආකර්ෂා” 1970 ලව් ස්ටෝරි චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මංගල දර්ශනය දවසේ ලැබුණ ප්‍රතිචාර හා සමානවම අදටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා සුබපැතුම් එක්කරන බොහෝ පිරිසක් ඉන්නවා.

ආපු ප්‍රශ්නවලට රට දාලා යන්න හිතුණා

හැත්තෑවේ ආදර කතාවේ සහය අධ්‍යක්ෂණය ගැන කතා කළොත්?

ටෙලිනාට්‍ය චිත්‍රපට කරද්දි ඒ අය හැසිරෙන විදිහ මම දැකල තියනවා. ඒ හුරුවත් එක්ක සහය අධ්‍යක්ෂණ කටයුතු කරගන්න එක මට අමාරු වුණේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනා” මහේන්ද්‍ර පෙරේරා වගේ ම දැවැන්තයෙක් එක්ක තමයි මට වැඩ කරන්න ලැබුණේ. ඒ වගේ ප්‍රවීණයන් එක්ක හරිම ලේසියෙන් මට මගේ වැඩ ටික කරගන්න පුළුවන් වුණා.

ආපු ප්‍රශ්නවලට රට දාලා යන්න හිතුණා

මහේන්ද්‍ර පෙරේරා වැනි දැවැන්තයෙක් සමඟ වැඩ කරන්න හිතේ චකිතයක් ඇතිවුණේ නැද්ද?

ඇත්තටම හිතේ බයක් ඇති වෙන්න අවස්ථාවක් ඇති වුණේම නැහැ. මහේන්ද්‍ර අයියා” හේමාල්” ගම්‍යා සහ අපේ නිෂ්පාදන කණ්ඩායම හරිම සැහැල්ලුවෙන්” එකමුතුවෙන්” විනෝදයෙන් කරපු නිර්මාණයක්.

ආපු ප්‍රශ්නවලට රට දාලා යන්න හිතුණා

මහේන්ද්‍ර අයිගෙන් බැනුම් අහපු අවස්ථා නැද්ද?

සහාය අධ්‍යක්ෂණයේදී නම් බැනුම් අහපු අවස්ථා නැහැ. නමුත් ෆිල්ම් එක ඇතුළෙදි නම් අනන්තවත් බැනුම් ඇහුවා.

කොහොමද මේ ආරාධනය ලැබෙන්නේ?

ප්‍රවීණ රංගන ශිල්පී අසංග අයියා හරහා තමයි මට අරුණ අයියව හඳුනාගන්න ලැබුණේ. ඔහු එක දවසක් මට කතා කරල කිව්වා නංගී අපි චිත්‍රපටයක් කරනවා පොඩ්ඩක් ඒ පැත්තට ඇවිත් යන්න කියලා. මම ඔවුන්ව මුණගැහෙන්න යනතුරුත් දැනගෙන හිටියේ නැහැ මොකක්ද එතන වෙන්නේ කියලා. එදා ස්ක්‍රීන් ටෙස්ට් එකට බොහෝ පිරිසක් ඇවිත් හිටියත් මොකක්දෝ වාසනාවකට මාව සිලෙක්ට් වෙලා තිබුණා.

චිත්‍රපටය ඇතුළේ පෙන්වන චිත්‍රපටයේ ඔබ සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරනවා?

ඇත්තටම මට ඒක වචන වලින් කියාගන්න බැරි තරම් සතුටක්. අදහා ගන්න බැරි දෙයක් වගේ. අපි මේ චිත්‍රපටය කරලා දැනට අවුරුදු පහක් විතර වෙනවා. නමුත් මේ දැන් සිදුවුණා හා සමානවම ඒ මතකය මට දැනෙනවා.

ඔබට අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණාද?

මගේ චරිතය හරියට කරන එක තමයි මට තිබුණු ලොකුම අභියෝගය.

මහේන්ද්‍ර අයියාගෙන් වගේම අධ්‍යක්ෂවරයාගෙනුත් බැනුම් අහන්න සිදුවුණාද?

අනේ නැහැ. අරුණ අයියා කියන්නේ මම පුදුම ආසාවකින් වැඩ කරපු අධ්‍යක්ෂවරයෙක්. සක්කාරං ටෙලි නාට්‍යයේ කුමීගේ චරිතයත් මම ඔහු යටතේ අධ්‍යක්ෂණය වුණේ. එයට අදටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබ කොහොමද රඟපෑමට එකතුවෙන්නේ?

මම ජාතික තරුණ සේවා සභාවේ නර්තනය හදාරද්දී නාට්‍ය හා රංග කලා විෂයයෙන් මට ලියුමක් එනව. මම ඒකට සහභාගි වෙනවා එතනදී රනිල් මල්ලවාරච්චිගේ ගීතයකට මාව තෝරා ගන්නවා.

ඉන් පසු ඔබ ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වෙනවා?

මේ වන විට මම ටෙලි නාට්‍ය තිහකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. දම්සාරි” ලොක්කි” මුතුකුඩ” සඳට අහස ආදරෙයි” සිහින සිත්තරාවී” සිහින තොටුපොල” සකල ගුරු” සක්කාරං” මුතුකුඩ” සඳදිය සිත්තම්” එළියකන්ද යන නිර්මාණ වගේම සීමා නෑ ආකාසේ (මේ චිත්‍රපටයට නැටුමකින් මම දායක වුණේ)” සිරිපැරකුම්” නෝ ඇඩ්‍රස්” බ්‍රේකින් නිවුස්” තානාපතිලයි ගෙදර” ලව් ස්ටෝරි යන චිත්‍රපට වලටත් මම රංගනයෙන් දායක වුණා.

ඊට අමතරව ඊඩිපස් ඇතුළුව වේදිකා නාට්‍යය තුනකට මගේ රංගන දායකත්වය ලබා දුන්නා.

මේ දවස්වල මොකද වෙන්නෙ?

කොරෝනා වලින් පස්සේ නිර්මාණවලට සම්බන්ධ වෙන එක ටිකක් අඩු වුණා. නමුත් නයින්ටීන් 70 ලව් ස්ටෝරි චිත්‍රපටය හරහා අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. ඒ අතර චිත්‍රපට දෙකකුත් තියෙනවා.

ඔබ ඇයි රඟපෑම තෝරාගන්නේ?

පුංචි කාලෙ ඉඳලම මම රංගනයට හරිම ආසයි. මගේ පවුලේ අනිත් සහෝදරයෝ තුන්දෙනා වගේ නෙමෙයි. මට ගොඩක් යාළුවෝ හිටියා. මම හරිම සමාජශීලී කෙනෙක්.

මේ ක්ෂේත්‍රය තෝරාගැනීම ගැන ගෙදරින් විරුද්ධත්වයක් තිබුණේ නැද්ද?

මුලදි ඒ අය විරුද්ධ වුණා. මොකද මගේ අධ්‍යාපන කටයුතුවලට වැඩිය මුල් තැන දුන්නේ කලා කටයුතුවලට නිසා.

දැන් නර්තනයෙන් ඈත් වෙලාද?

නැහැ” කොරෝනා එන්න කලින් අපි ලොකු වැඩ කොටසක් කරගෙන ආවා. නමුත් එයින් පස්සේ අපිට විසිරෙන්න සිද්ධ වුණා. මම හිතනවා ඉදිරියේදී නැවතත් පෙර පරිදිම ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙයි කියලා.

මේ ආපු ගමන ගැන කතා කළොත්?

ඒක ලොකු කට්ටක්, ලොකු දුකක් විඳගෙන ආපු ගමනක් තමයි මේ. 1970 ලව් ස්ටෝරි චිත්‍රපටය මං විඳපු දුක් ගැහැට වල ප්‍රතිඵලයක් කියල කියන්න පුළුවන්.

කැපිලි කෙටිලිත් ආවද?

අම්මෝ ඔව්, ඒවායින් නම් අඩුවක් තිබුණෙ නෑ. අධ්‍යක්ෂවරු පවා කකුලෙන් ඇදපු අවස්ථා තිබුණා.

ඒ වෙලාවේ රඟපෑම අත්හරින්නත් හිතුණද?

ඇත්තටම කඩා වැටුණු අවස්ථා වගේම මේ රට දාලා යන්න හිතුණ අවස්ථාත් තිබුණා. ඒත් ඒ එක්කම මම හිතුවා ඇයි මං එහෙම වැටෙන්නෙ කියලා.

නුවර ඉඳන් කොළඹ ඇවිත් රඟපාන එක මොන වගේ අත්දැකීමක්ද?

ඇත්තටම ඒක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට නවාතැන් පහසුකම් හොයාගන්නව. මගේ යහළුවොත් උදව් කරනව.

මේ ක්‍ෂේත්‍රය කියන තරම් සුන්දරද?

මෙහෙමයි. සුන්දර වගේම අසුන්දර පැත්තක් ඕන ක්‍ෂේත්‍රයක තියෙන්න පුළුවන්. මේ ක්‍ෂේත්‍රයත් ඒ වගේ. එවැනි දේට අපිට මුහුණ දෙන්න වෙන යම් යම් අවස්ථාවල්වලදි අපේ වෘත්තිය රඟපෑම බවත් වෙනත් වෘත්තියක් නොවන බවත් ඒ අයට තේරුම් කරල දෙනව.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – ලලන්ත වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment