සිංගප්පූරුවත් ගෝඨාභයට  යන්න කියයි

497

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වහාම සිංගප්පූරුවෙන් පිටව යන ලෙස එරට රජය ඒ මහතාට ලිඛිතව දැනුම් දී ඇත.

සිංගප්පූරු රජය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන්ට එරට රැඳී සිටීමට අවසර ලබාදී ඇත්තේ දින 15ක කාලයක් සඳහා පමණි. එම කාලය අවසන් වූ වහාම රටින් පිට වී යන ලෙස එරට රජය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති අතර වීසා කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු නොකරන බව ද දැනුම් දී ඇත. අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ සිය ධුරය අත්හල රාජපක්ෂ මහතා ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට පලා ගොස් තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස එරටින් පිටත් කරන ලෙස මාලදිවයින් රජයට දැඩි බලපෑම් එල්ල වූ අතර රාජපක්ෂ මහතා සෞදි ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. මේ අතර රාජපක්ෂ මහතාට වීසා ලබාදීමට ඇමරිකානු රජය මගින් ද ප්‍රතික්ෂේප කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment