ගුරු වැටුප් නොවිසඳුවොත් 2024 දී ආණ්ඩුව ගෙදර යවනවා – ස්ටාලින් කියයි

100

“ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දෙමාපියන්ට පටවා තිබෙන අධ්‍යාපන බර ඉවත් කිරීම කියන ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැත්නම් 2024 වර්ෂයේදී මේ ආණ්ඩුව ගෙදර යවන තුරු අපි සටන් කරනවා…” යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඊයේ (06දා) පැවසීය.

වත්මන් ආණ්ඩුවෙන් කරන ඉල්ලීම් බීරි අලින්ට වීනා වැයීමක් බඳු යැයි ද ඒ මහතා කීය.

ඔහු මෙසේ ද කියා සිටියේය.

අපි විරෝධතා දක්වන්නේ හේතුවක් හින්දයි. ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන්න කිව්වට මේ ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ. අහිසංක දෙමාපියන්ට පටවා තියෙන අධ්‍යාපන බර නතර කරන්න කිව්වට අහන්නේ නැහැ. මේ තත්ත්වයන් ගැන කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැති හින්දයි අපි මේ පාරේ විරෝධය පාන්නේ. 2024 වර්ෂය පුරාම අපි විරෝධය පානවා විසඳුම් දෙනකන්. ආණ්ඩුව මේකට සාධාරණ විසඳුමක් දුන්නේ නැත්නම් ආණ්ඩුව ගෙදර යවලයි පස්ස බලන්නේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment