ගලබොඩ ඇල්ල නරඹමින් සිටියදී සැඩ පහරට හසුවූ තරුණියගේ සිරුර ගොඩගැනේ

790

තරුණයකු සමග ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් සැඩ පහරට හසු වී අතුරුදන් වූ 17 හැවිරිදි තරුණියගේ සිරුර හමු වූ බව නාවලපිටිය පොලිසිය පැවැසීය.

මෙසේ සොයාගනු ලැබුවේ පේරාදෙණිය පැණිදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිට සිතුමිණි සුගන්‍යා නමැති තරුණියගේ සිරුරයි.

ජීවිතක්ෂයට පත් තරුණිය සිය පෙම්වතා සමග නාවලපිටිය ගලබොඩ දිය ඇල්ල නැරඹීමට පැමිණ ආපසු නිවස කරා යන අවස්ථාවේ එදින නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග තරුණයා සහ තරුණිය සැඩ පහරට හසු වී ඇති අතර, ඉන් තරුණයා දිවි බේරාගෙන ඇත.

සැඩ පහරට හසු වී අතුරුදන්ව සිටි තරුණිය සොයා නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් මෙහෙයුමක් දියත් කර තිබුණ ද ගලබොඩ දිය ඇල්ලේ සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා ගලබොඩ ඇළේ ජල ධාරිතාව ඉහළ ගොස් තිබූ නිසා සිරුර සොයා ගැනීමට නොහැකි විය.

ගලබොඩ ඇළේ කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසීන් විසින් නාවලපිටිය පොලිසිය කළ දැනුම් දීමක් මත අතුරුදන්ව සිටි තරුණියගේ ඥාතීන් සමග නාවලපිටිය පොලිසියේ නිලධාරීන් සිරුර හමු වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම සිරුර අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර බව ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment