ජෙරම් සමාව ගතයුත්තේ ඕමල්පේ හිමියන්ගෙන් නොව බුදුන්වහන්සේගෙන් – ඇල්ලේ ගුණවංශ හිමි

153

ජෙරම් ප්‍රනාන්දු මහතා බුදුන්වහන්සේට කළ අපහාසයට සමාව ගැනීම සඳහා කළ යුත්තේ ඕමල්පේ සෝභිත හිමියන් හමුවීමට දෙමාපියන් යැවීමට නොව බුදුන්වහන්සේගෙන් සමාව ගැනීම යැයි ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ ප්‍රකාශ කළහ.

මෙය හරියට ලංකාවට බැනලා ඉන්දියාවෙන් සමාව ගැනීමක් වැනි යැයිද උන්වහන්සේ කීහ. බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික නායකයන්ට අපහාස වන ලෙස චෝදනා එල්ල කළේ ජෙරම් ප්‍රනාන්දු බවත් සෝභිත හිමියන්ගෙන් සමාව ගැනීමට පැමිණි ජෙරම්ගේ දෙමාපියන් කිසිම අවස්ථාවක බුදුන් වහන්සේට අපහාස කළ බවට වාර්තාවී නැති බවත් ගුණවංශ හිමියෝ කීහ.

මේ සම්බන්ධයෙන් කථා කිරීමට තමන් වහන්සේ හමුවීමට අවශ්‍ය බවට ඉහළම පිරිස් කතා කළ බවත් එම පිරිස්වලටද ධර්මායතනය පැත්ත පළාතේ නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවත් උන්වහන්සේ කීහ.

ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නඩු පැවරීම කර ඇත්තේ තමන් ඇතුළු ආගම් කිහිපයක නායකයන් බවත් එම නඩුවේ පාර්ශ්වකරුවන් ලෙස ඕමල්පේ සෝභිත හිමියන් නොමැති බවත් ගුණවංශ හිමියෝ පැවසූහ.

මේ වනවිට රට තුළ සිවුරු දරාගෙන විවිධ භික්ෂූන් නොවන පිරිස් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් පියවරක් ගැනීමට මහානායක හිමියන් කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ කීහ. වාහනයක් හෝ දේපළකට අයිතිකරුවෙක් පෙනී සිටියත් බුදුන්වහන්සේගේ දහමට අයිතිකාරයෙක් නැති දහමක් බවට පත්වීමට යෑම ඉතාම අභාග්‍යසම්පන්න තත්ත්වයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment